ඒ හිරු එලියේ ණැන මල් පොඩි පිපුනා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ අමිමා
රැ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නැ නිවන් දකින්නේ
රැ කලුවර ඇවිදින් ඉකිබිද ඇඩුවට
නෙත නැ නිදි විද ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ...
සුනිල් දයානන්ද කෝණාර මහතාගේ අතින් ලියැවුණු, ශ්රී ලංකාවේ ප්රසිද්ධ, ඉතා අද්විතීය ගායන ශෛලියකට උරැමකම් කියන ගායක කරැණාරත්න දිවුලගනේ මහතාගේ මාධූර්ය හඩින් ගැයුණු අම්මා ගීතය අම්මා යන භූමිකාව නිර්වචනය කිරීමට වඩාත්ම උචිත පද පෙළ බව මට හැගේ.
අම්මා නැමති ඒ උතුම් කරැණාවේ උල්පත, සිය හද පත්ලෙන්ම හොවාගෙන ඇති දරැ සෙනෙහසින් මිදීමට හෝ මිදීමට උත්සාහ ගන්නේවත් නැත.ඇය ජීවමානව සිටින තුරැ ඇයත් ඇගේ දරැවන් නකරේ වූ කරැණාබර බැදීමත් සදා පවතී.
ඕනෑම මවකගේ බලාපොරොත්තුව සිය දරැවන් ගුණ යහපත් මාවතක ගමන් කරනවා දැකීමයි. ඇය ඒ පරම පවිත්ර පරමාර්ථය ගැන සිතනුයේ අප ඇයගේ කුස තුළ පිළීසිදගත් දා සිටය. සිය බිළිදා මෙලොවට එළිය දුටු දා සිට රක්ත වර්ණ රැධිරය කිරට හරවා කිරි කැටි බිළිදාට දෙනුයේ අපිරිමිත වූ දයාවෙනි සෙනෙහසකිනි.