අම්මා


.



ගමට කලින් හිරු මුලුතැන් ගෙට                   වඩනා
ඒ හිරු එලියේ ණැන මල් පොඩි                     පිපුනා
ඒ මල් සුවදේ අද ලොව්තුරු සුව                    විදිනා
කලා වැවේ නිල් දියවර අපෙ                         අමිමා

රැ කලුවර අරගෙන දරුවන් එනතුරු
සිත නැ නිවන් දකින්නේ
රැ කලුවර ඇවිදින් ඉකිබිද  ඇඩුවට
‍නෙත නැ නිදි විද ගන්නේ

 හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන
නින්දේ සිහින දකින්නේ
මායාවනි කවදාදෝ ඔය නෙත්
දරු සෙනෙහසින් මිදෙන්නේ...

සුනිල් දයානන්ද කෝණාර මහතාගේ ‍අතින් ලියැවුණු, ශ්රී ලංකාවේ ප්රසිද්ධ, ඉතා අද්විතීය ගායන ශෛලියකට උරැමකම් කියන ගායක කරැණාරත්න දිවුලගනේ මහතාගේ මාධූර්ය හඩින් ගැයුණු අම්මා ගීතය අම්මා යන භූමිකාව නිර්වචනය කිරීමට වඩාත්ම උචිත පද පෙළ බව මට හැගේ.


අම්මා නැමති ඒ උතුම් කරැණාවේ උල්පත, සිය හද පත්ලෙන්ම හොවාගෙන ඇති දරැ සෙනෙහසින් මිදීමට හෝ මිදීමට උත්සාහ ගන්නේවත් නැත.ඇය ජීවමානව සිටින තුරැ ඇයත් ඇගේ දරැවන් නකරේ වූ කරැණාබර බැදීමත් සදා පවතී.

ඕනෑම මවකගේ බලාපොරොත්තුව සිය දරැවන් ගුණ යහපත් මාවතක ගමන් කරනවා දැකීමයි. ඇය ඒ පරම පවිත්ර පරමාර්ථය ගැන සිතනුයේ අප ඇයගේ කුස තුළ පිළීසිදගත් දා සිටය. සිය බිළිදා මෙලොවට එළිය දුටු දා සිට රක්ත වර්ණ රැධිරය කිරට හරවා කිරි කැටි බිළිදාට දෙනුයේ අපිරිමිත වූ දයාවෙනි සෙනෙහසකිනි.

සොදුරැ පෙම


.

හුදකලාව


.

පොඩ් හාමුදුරැවෝ


.







පොඩි හාමුදුරු නමක් කියපු සැණින්ම අපේ නෙතට ගෙනෙන සිතුවම ගමේ පන්සලේ කසාවතකින් දෙවුර වසාගත් පොඩි හාමුදුරුවන්ව. පොඩි නිසාමද මන්ද චීචරය ඇග ලා ගත්තත් ඒ හාමුදුරුවෝ පන්සලේ භුමිය පුරාම දුවපැන ඇවිදිනවා. අම්මා තාත්තා අක්කා අයියාගෙ සෙනෙහසින් ඇත් වෙලා ඉන්න කොට සිතට ලොකු දුකක් දැනෙනව ඇති. ඒත් ලොකු හාමුදුරුවන්ගෙ දයාව කරුණාව හමුවෙ ඒ සියල්ල අමතකව යනවා. හතර වරිගයටම පිං ගෙනෙන
උතුම් කුසලයක් කරන්න පොඩි හාමුදුරුවන්ට පුලුවන්නම්, අපිට පුලුවන් වෙන්න ඕන ඒ අය වෙනුවෙන් ඊටත් වැඩි යමක් කරන්න. 



බෝ මලුවේ මල් සුවදට සැතපි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
නුපුරැදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝ විටියා කැලේ මැදින්
එන්න හිතයි නුබෙ ලගට සෙමින්
එතෙර  කරන්නම් සසර වරිගයම
සංසාරේ යනමේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරැදු යහලුවන් සෙනෙහේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
බෝ මලුවේ මල් සුවදට සැතපි..........
 භවයෙන්  බවයේ පෙරැම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතු දා සසර වරිගයම
එ‍තෙර කරන්නම් සංසාරේ


ගුරුතුමා


.


පැන මඩ කඩිති වැව් තාවුල් වැහි කාලේ
පෙන්වා මග නොමග නොවැටී යන තාලේ
සිප්කිරි පෙවු මුසිලයින් උඩු මහලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමාරරෝද පුටු දන්දෙති එයින් මතු
උගතමනා ශිල්පය පිල් කඩ නොපැතු
වේවැල වටා ඉකි බිද දඩුවමක පැතු

රන් මසු පට පිළි අභරණ උරණ වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනින් කදුලට උල්‍පතක් වෙලා
ලොකු හාමිනේ අද බිතු සිතුවමක් වෙලා 

අප්පච්චී


.


පද්‍ය සාහිත්‍ය දිහා බලනකොට මට හිතෙනවා මව් ගුණ ගීත කොපමණ තිබුණත්, පිය ගුණ ගීත ඇයි මෙච්චර අඩු කියලා. ඒ කොහොම නමුත් දරුවන්ට අම්මා අප්පච්චී කියන්නෙ දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක් කියල මට හිතෙනවා. දරුවෙක් මෙලොව එළිය දකින්නත් පෙරම ඒ ගැන වැඩිපුරම හීන දකින්නෙ අප්පච්චී ඒ මොකද දන්නවද? දරුවෙක් කුසට පැමිණිය දිනේ ඉදල අම්මට ගුණ දේවල් කන්න බොන්න ගෙනත් දෙනව. ඒකෙ රහස තමයි, තමන්ගෙම ලෙයින්ඉපදෙන දරුව නිරෝගී පිරිපුන් දරුවකු වනවා දකින්න තියෙන ආසාව නිසා.  ඒ ආසාව ඉටු උනු ගමන්ම පුංචි බිලිදව උස් මහත් කරලා හොද අධ්‍යපනයක් දි ගුණ නැණ දෙකින්ම පිරිපුන් දරුවෙක් මේ ලෝකයට දායාද කරන්න ඒ අප්පච්චී දිවා රැ වෙහෙසෙනවා. ඒක නිසා දරුවන් වන අප කාගෙත් යුතුකම අපිව එලෙස රැක බලාගත් ඒ අප්පච්ච්ට හොදින්ම  සලකන එක නේද? වයසට ගියත් තමන්ගෙ වැඩපල කරගන්න බැරි උනත් ඒ අප ඉපදෙන්නටත් පෙර දරුවන් ගැන සිහින මවපු අප්පච්ච්ම තමයි කියලා ඔයාලා කවුරුවත් අමතක කරන්න එපා.




අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පව්ව්
දොලේ දියයි මට කෙතේ විලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි
අන්දර යායේ........
වලා කුලේ ලා බිදු තවරා
මහ පොළොවට මහ වැසි ගිලිලා.....//
දිවි ගමනේ ඉම කදු මුදුනේ ඉද
පිතු සෙනෙහේ කදුලැලි සලලා
අන්දර යායේ........
තුරු හිස මුදුනේ මල් පලදා
කැකුලු නුඹට ඵල වැල නෙලුවා
ඒ දඩු මං බැද සක්කුලු පව් බිද 
සිදාදියට පෙන මං තැනුවා
අන්දර යායේ........