පොඩ් හාමුදුරැවෝ


.







පොඩි හාමුදුරු නමක් කියපු සැණින්ම අපේ නෙතට ගෙනෙන සිතුවම ගමේ පන්සලේ කසාවතකින් දෙවුර වසාගත් පොඩි හාමුදුරුවන්ව. පොඩි නිසාමද මන්ද චීචරය ඇග ලා ගත්තත් ඒ හාමුදුරුවෝ පන්සලේ භුමිය පුරාම දුවපැන ඇවිදිනවා. අම්මා තාත්තා අක්කා අයියාගෙ සෙනෙහසින් ඇත් වෙලා ඉන්න කොට සිතට ලොකු දුකක් දැනෙනව ඇති. ඒත් ලොකු හාමුදුරුවන්ගෙ දයාව කරුණාව හමුවෙ ඒ සියල්ල අමතකව යනවා. හතර වරිගයටම පිං ගෙනෙන
උතුම් කුසලයක් කරන්න පොඩි හාමුදුරුවන්ට පුලුවන්නම්, අපිට පුලුවන් වෙන්න ඕන ඒ අය වෙනුවෙන් ඊටත් වැඩි යමක් කරන්න. 



බෝ මලුවේ මල් සුවදට සැතපි
අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
නුපුරැදු උණුහුමකට සිත ඈදී
ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
දං බෝ විටියා කැලේ මැදින්
එන්න හිතයි නුබෙ ලගට සෙමින්
එතෙර  කරන්නම් සසර වරිගයම
සංසාරේ යනමේ ගමනේ
චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
පුරැදු යහලුවන් සෙනෙහේ
එහෙම ගියොත් ඒ අය පොඩි සාදු
කියා කියන විට වැද වැටිලා
කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
වෙල් ඉපනැල්ලේ පැන නටලා
බෝ මලුවේ මල් සුවදට සැතපි..........
 භවයෙන්  බවයේ පෙරැම් පුරා මම
බවුන් වඩා උපදින වාරේ
දිනයක මතු දා සසර වරිගයම
එ‍තෙර කරන්නම් සංසාරේ


Your Reply