අප්පච්චී


.


පද්‍ය සාහිත්‍ය දිහා බලනකොට මට හිතෙනවා මව් ගුණ ගීත කොපමණ තිබුණත්, පිය ගුණ ගීත ඇයි මෙච්චර අඩු කියලා. ඒ කොහොම නමුත් දරුවන්ට අම්මා අප්පච්චී කියන්නෙ දෙන්නෙක් නෙමෙයි එක් කෙනෙක් කියල මට හිතෙනවා. දරුවෙක් මෙලොව එළිය දකින්නත් පෙරම ඒ ගැන වැඩිපුරම හීන දකින්නෙ අප්පච්චී ඒ මොකද දන්නවද? දරුවෙක් කුසට පැමිණිය දිනේ ඉදල අම්මට ගුණ දේවල් කන්න බොන්න ගෙනත් දෙනව. ඒකෙ රහස තමයි, තමන්ගෙම ලෙයින්ඉපදෙන දරුව නිරෝගී පිරිපුන් දරුවකු වනවා දකින්න තියෙන ආසාව නිසා.  ඒ ආසාව ඉටු උනු ගමන්ම පුංචි බිලිදව උස් මහත් කරලා හොද අධ්‍යපනයක් දි ගුණ නැණ දෙකින්ම පිරිපුන් දරුවෙක් මේ ලෝකයට දායාද කරන්න ඒ අප්පච්චී දිවා රැ වෙහෙසෙනවා. ඒක නිසා දරුවන් වන අප කාගෙත් යුතුකම අපිව එලෙස රැක බලාගත් ඒ අප්පච්ච්ට හොදින්ම  සලකන එක නේද? වයසට ගියත් තමන්ගෙ වැඩපල කරගන්න බැරි උනත් ඒ අප ඉපදෙන්නටත් පෙර දරුවන් ගැන සිහින මවපු අප්පච්ච්ම තමයි කියලා ඔයාලා කවුරුවත් අමතක කරන්න එපා.




අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන් කරනා අප්පව්ව්
දොලේ දියයි මට කෙතේ විලයි
ගහ වැලේ මලයි මට අප්පච්චි
අන්දර යායේ........
වලා කුලේ ලා බිදු තවරා
මහ පොළොවට මහ වැසි ගිලිලා.....//
දිවි ගමනේ ඉම කදු මුදුනේ ඉද
පිතු සෙනෙහේ කදුලැලි සලලා
අන්දර යායේ........
තුරු හිස මුදුනේ මල් පලදා
කැකුලු නුඹට ඵල වැල නෙලුවා
ඒ දඩු මං බැද සක්කුලු පව් බිද 
සිදාදියට පෙන මං තැනුවා
අන්දර යායේ........




Your Reply